Friday, April 26, 2024

General line - 0115112241

ගුජරාට් ටයිටන්ස් පිලට කඩුලු 05ක ජයක්




මෙවර ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයෙන් ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමඟ පැවති තරඟය කඩුලු 5කින් ජය ගනිමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 178ක් රැස් කළා. එහිදී රුතුරාජ් ගයික්වාඩ් පන්දු 50කදී ලකුණු 92ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට 6යේ පහර 9ක් සහ 4රේ පහර 4ක් ඇතුළත් වුණා. 

ජයග්‍රාහී ලකණු 179ක් හඹා යාමට පිටියට පිවිසි ගුජරාට් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 182ක් රැස් කරමින් තරඟය ජය ගත්තා.

ශුග්මන් ගිල් පන්දු 36කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 63ක්. ඔහුගේ ඉනිමට 6යේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වුණා.