Friday, April 26, 2024

General line - 0115112241

කොල්කටා කණ්ඩායමට එරෙහිව භානුකගෙන් අර්ධ ශතකයක්




අයි පී එල් ක්‍රිකට් තරඟාවලියේ කොල්කටා නයිට්ට්‍රයිඩර්ස් කණ්ඩායම සමඟ දැන් පැවැත්වෙන තරඟයේදී ලකුණු 50ක් රැස් කර ගැනීමට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂ සමත් වුණා.

පන්දු 32කට මුහුණ දුන් ඔහුගේ ඉනිමට 6යේ පහර 2ක් සහ 4රේ පහර 5ක් ඇතුළත්. නායක ශිකර් දවාන් පන්දු 29කදී ලකුණු 40යි. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී පන්ජාබ් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 191ක් රැස් කළා. ටිම් සවුති ප්‍රතිවාදී කඩුලු 2ක් බිඳ හෙලුවා. 

ජයග්‍රාහී ලකුණු 192ක් රැස් කිරීමට පිටියට පිවිසි කොල්කටා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 12 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 92 රැස් කර සිටියා.

නායක නිටිෂ් රනාට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 24ක් පමණයි. රහ්මානුල්ලාහ් ගුර්බාස් ලකුණු 22යි. 

මෙවර අයි පී එල් ක්‍රිකට් තරඟාවලිය ඊයේ ආරම්භ වූ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පැරදූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පළමු තරඟය ජය ගත්තේ කඩුලු 5කින්.