Saturday, May 11, 2024

General line - 0115112241

පළමු T20 තරගය : ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දෙයි - කුසල් ජනිත් කණ්ඩායමට




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු විස්සයි 20 තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරනු ලැබුවා.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා වසර එකහමාරක කාලයකට පසුව කුසල් ජනිත් පෙරේරා ඇතුලත් කර තිබෙනවා. ඔහුගේ ආබාධයෙන් සුවය ලැබීමෙන් පසුව ක්‍රීඩා කරන පළමු තරගය මෙය වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දු වාර 04ක් අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 44ක් රැස් කරගෙන සිටිනවා. පැතුම් නිශ්ශංක ලකුණු නොලබා දැවී ගියා. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 25, කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 18ක් ලබාගෙන පිටියේ ක්‍රීඩා කරමින් සිටිනවා.