Thursday, April 25, 2024

General line - 0115112241

කුසල් - චරිත් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කරයි 




නවසීලන්තය සමග පැවැත්වෙන පළමු විස්සයි 20 තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05 ක් දැවී ලකුණු  196ක් රැස් කර ගනු ලැබුවා.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 53ක් රැස් කරනු ලැබුවා. 2021 වසරේ දී ආබාධයකට ලක්වීමෙන් පසු කුසල් ජනිත් පළමු වරට ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුනේ අදවීම ද විශේෂත්වයක්.

චරිත් අසලංක පන්දු 41කදී ලකුණු 67ක් රැස් කර ගනු ලැබූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 25ක් රැස් කළා. වනිදු හසරංග නොදැවී ලකුණු 21යි.