Friday, May 17, 2024

General line - 0115112241

ඊයේ IPL තරගවලින් රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් ජයග්‍රාහණය ලබයි




ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජයග්‍රහණ අත්කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් සමත් වුණා.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග ඊයේ රාත්‍රි පැවති තරගයෙන් රාජස්ථාන් කණ්ඩායම ජය අත්කර ගත්තේ ලකුණු 72 කින්. එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 5 ක් දැවී ලකුණු 203 ක් රැස් කළා. සන්ජු සැම්සන් පන්දු 32කදී ලකුණු 55යි. ජොස් බට්ලර් පන්දු 22 කදි ලකුණු 54 ක් රැස් කළා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 131 ක් පමණයි. පන්දු යැවීමේදී යස්වේන්ද්‍ර චාල් ලකුණු 17කට කඩුළු 4 ක් දවා ගත්තා. 

මේ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවති තරගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුළු 8 කින් ජය ගත්තා.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 7 ක් දැවී ලකුණු 171 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් ක්‍රීඩකයින් පන්දුවාර 16 යි පන්දු 2 කදී කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. විරාත් කෝලි පන්දු 49 කදී නොදැවී ලකුණු 82 යි. ෆෆ් ඩු ප්ලේසිස් පන්දු 43 කදී ලකුණු 73 ක් රැස් කළා.