Friday, May 17, 2024

General line - 0115112241

නවසීලන්ත ඇරයුමින් ශ්‍රී ලංකාව 02 වන 20 යි 20 තරඟයේ පිත්ත අතට ගනී




නවසීලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට දෙවන විස්සයි 20 ක්‍රිකට් තරඟයේ පන්දුයුවට පහර දෙමින් සිටිනවා.

ඒ අනුව මීට නොබෝ වේලාවකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර දහයක් අවසානයේ එක් කඬුලු දෙකක් දැවී ලකුණු 82 ක් රැස්කරගෙන සිටියා.

කුසල් මෙන්ඩිස් දැවී ගියේ පන්දු පහකට ලකුණු 10 ක් රැස්කර සිටියදීයි.

දෙරට අතර පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරඟය ජයගනු ලැබුවේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමයි. එම තරඟයේ ජය තීරණය කෙරුණේ සුපර් ඕවරයකින් වීම විශේෂයක්.

මේ අතර ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගතව තිබෙනවා.

ඒ, ආබාධයකට ලක්වූ කේන් විලියම්සන් වෙනුවටයි.