Friday, May 17, 2024

General line - 0115112241

නවසීලන්ත කණ්ඩායමට කඬුලු 09 ක ජයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි 20 ක්‍රිකට් තරඟය කඬුලු 09 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. 

පළමුව පන්දුවට පහරදුන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 141 ක් රැස් කළා. ධනංජය ද සිල්වා ලකුණු සංඛ්‍යාව 37 යි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 35 ක් සහ චරිත් අසලංක ලකුණු 24 ක් රැස් කළා. 

වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු දහයේ සීමාව පසුකිරීමට නවසීලන්ත පන්දුයවන්නන් අවස්ථාව ලබාදුන්නේ නැහැ. 

ඒ අනුව ජයග්‍රාහී ලකුණු 142 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 14 යි පන්දු 4 ක් අවසානයේ එක් කඬුල්ලක් පමණක් දැවී ලකුණු 146 ක් ලබාගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.