ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟය අතරතුරදී ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ ආබාධයකට ලක්ව තිබෙනවා. ඔහු මෙලෙස ආබාධයකට ලක්වුණේ කින්ග්ස් ලෙවන් පංජාබ් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් අතර පැවති තරඟය අතරතුරදීයි.
එම තරඟයේදී පංජාබ් කණ්ඩායමේ අංක 03 පිතිකරු ලෙස පිටියට පිවිසි භානුක රාජපක්ෂට මුහුණදීමට හැකිවූයේ එක් පන්දුවකට පමණයි. එහිදී අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි ෂිකර් ධවාන් එල්ල කළ පහරක් භානුකගේ අතේ වැදී තිබුණා.
ඒ අනුව ක්‍රීඩා පිටියෙන් ඉවත්වූ ඔහු යළි පන්දුවට පහරදීමට පැමිණියේ නැහැ. කෙසේවෙතත් ඔහුගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිල වාර්තාවක් නිකුත්වී නොමැති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර මෙම තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 05 කින් පරාජය කරමින් තියුණු ජයක් අත්කර ගැනීමට පංජාබ් කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.