Monday, November 25, 2024

General line - 0115112241

නැෂනල් සුපර් ලීග් ශුරතාවය දඹුලු කණ්ඩායමට




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවැනි වරටත් සංවිධානය කළ නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට කිරුළු පැළඳීමට මිනොද් භානුකගේ නායකත්වයෙන් යුතු දඹුලු කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ජැෆ්නා පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමින්. 

මෙම තරගාවලිය ආරම්භයට පෙර පැවති නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූයේද මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුතු දඹුලු කණ්ඩායමයි. ඒ අනුව ඔවුන් මෙතෙක් පවත්වා ඇති නැෂනල් සුපර් ලීග් ඉතිහාසයේ එක්දින සහ සිව්දින යන ශූරතා දෙකම දිනූ එකම කණ්ඩායම බවටද ඉතිහාසයට එක්වුණා.

තරඟාවලියේ දක්ෂතම පිතිකරු ලෙස ගෝල් කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර සම්මාන දිනාගත්තා. දක්ෂතම පන්දු යවන්නා ලෙස දඹුල්ල කණ්ඩායමේ ළහිරු සමරකෝන්ද නම් කළ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය හිමිවුණේ කලම්බු කණ්ඩායමේ අෂේන් බණ්ඩාරටයි.