Monday, November 25, 2024

General line - 0115112241

නවසීලන්ත කණ්ඩායමට තියුණු ජයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති තෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය කඩුලු 4කින් ජයගැනීමට නවසීලන්තය සමත් විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය නවසීලන්ත කණ්ඩායමට හිමිවිය.

නවසීලන්තයේ කුවින්ස්ටවුන්හි පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක දී කඩුලු 6 දැවී ලකුණු 183ක් ලබා ගත්තේය.