ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් ජය ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. ඒ, පංජාබ් කින්ග්ස් කණ්ඩායම කඬුලු 08 කින් පරාජයට පත්කරමින්.
කාසියේ වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තීරණය කළේ පන්දු රැකීමටයි. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් පංජාබ් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඬුලු 09 ක් දැවී ලකුණු 143 ක් රැස් කළා. හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ නායක ශිකර් ධවාන් පන්දු 66 කදී නොදැවී ලකුණු 99 ක් රැස් කළා.
ඊට හයේ පහර 5 ක් හතරේ පහර 12 ක් ඇතුලත්. සෑම් කරන් ලකුණු 22 යි. මෙම ක්‍රීඩකයින් දෙදෙනා හැරණු කොට කණ්ඩායමේ වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු පහේ සීමාව පසුකර යාමට සන්රයිසස් හයිද්‍රාබාද් පන්දුයවන්නන් අවස්ථාව ලබාදුන්නේ නැහැ.
පන්දු යැවීමේදී මයන්ක් මාර්කන්ඩේ ලකුණු 15 කට කඬුලු 4 ක් දවා ගත්තා. ලකූණු 143 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු වාර 17 යි එක් පන්දුවක් තුළ කඬුලු 2 ක් පමණක් දැවී ලකුණු 145 ක් ලබා ගනිමින් තරඟය ජය ගත්තා.
රාහුල් ටි්රපාති පන්දු 48 කදී ලකුණු 74 යි. ඊට හතරේ පහර 10 ක් සහ හයේ පහර 03 ක් ඇතුලත්. තරඟයේ වීරයා සම්මානය පංජාබ් කින්ග්ස් කණ්ඩායයේ නායක ශිකර් ධවාන් වෙත හිමිවුණා.