Sunday, May 5, 2024

General line - 0115112241

පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බවට යළි අනාවරණයක්




රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් දිගින් දිගටම පුවත් වාර්තා වුණා. ඒ අනුව මේවනවිට එවැනි තවත් වාර්තාවක් පළ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන පරිදි එහි දැක්වෙන්නේ රුසියානු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය දරුණු ලෙස පිරිහී ඇති බවයි. ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා දැඩි හිසරදයකින් පෙළෙන බවත්, පෙනීම බොඳවීම හා දිව හිරිවැටීම යන විවිධ රෝග ලක්ෂණ වලින් ද පෙළෙන බවත් නවතම වාර්තාවකින් අනාවරණ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියානු ජනාධිපතිවරයාගේ එම රෝග ලක්ෂණ හමුවේ වෛද්‍යවරුන් ද බියට පත්ව සිටින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. එමෙන්ම රුසියානු ජනාධිපතිවරයාගේ දකුණු අතෙහි සහ පාදයේ සංවේදනය අර්ධ වශයෙන් අහිමි වී ඇති බවත් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් අදාළ වාර්තාවල සඳහන්.