Sunday, May 5, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය දරුණු අතට




මේ වසරේ බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ලෝකයේ ක්‍රියාකාරී ආර්ථිකයන් අතර නරකම තත්ත්වයට පත්වනු ඇතැයි ජාත්‍යන්ත මූල්‍ය අරමුදල පවසනවා.

ඒ, ඔවුන්ගේ නවතම වාර්තාවෙන්.

ජී 20 රටවල් සැලකීමේදී වැඩිම බලපෑමකට ලක්වන්නේ බ්‍රිතාන්‍යය බවයි එහි දැක්වෙන්නේ.

ජාතික මූල්‍ය අරමුදලේ පුරෝකථනයට අනුව බ්‍රිතාන්‍යයේ ආර්ථිකය මේ වසරේදී හැකිලීමකට ලක්වනු ඇතියි.

ඒ අනුව ආර්ථික වර්ධන වේගය ඍණ වනු ඇති බවටයි එම වාර්තාවේ දැක්වෙන්නේ. පුරෝකථනයන්ට අනුව 2023 වසරේදී බ්‍රිතාන්‍යය ආර්ථිකය සියයට බින්දුවයි දශම තුනකින් හැකිලෙනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේ.