මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ සිය පළමු ජයග්රහණය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ රාත්රියේ සමත් වුණා.
ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිවයි.
කෙසේවෙතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙම තරගය ජය ගැනීමට සිදුවුණේ අවසන් පන්දුවේදී වීම විශේෂත්වයක්.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4 කදී සියලු දෙනා දැවී ලකුණු 172 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ මුම්බායි කණ්ඩායම කඩුළු 4 ක් දැවී එම ඉලක්කය පසුකර ගියා.
මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් අතර තරගය අද රාත්රීයේ පැවැත්වීමට නියමිතයි.