මෙවර ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරඟාවලියේ පළමු වරට ලකුණු 190ට වඩා අඩුවෙන් රැස් කර තරඟයක් ජයගත් පළමු කණ්ඩායම බවට පත්වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, චෙන්නායි කණ්ඩායමට එරෙහිවයි.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 175ක් රැස් කළා. කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී රැස් කරගත හැකි වූයේ කඩුලු 6කට ලකුණු 172ක් පමණයි.
චෙන්නායි ඉනිමේ කඩුලු 6ක් පන්දුවාර 15ක් තුළ ලකුණු 113කට බිඳ වැටී තිබූ අවස්ථාවේ පිටියේ එක් වූ රවීන්ද්‍ර ජඩේජා සහ මහේන්ද්‍ර සින් දෝනි වේගවත් පිතිහරඹයක නිරත වෙමින් අවසන් පන්දුවාර 5දී ලකුණු 59ක් රැස් කළා. එහෙත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ.
අවසන් පන්දුවාරයට ලකුණු 21ක රැස් කරගත යුතුව තිබූ අතර එහිදී මහේන්ද්‍ර සින් දෝනිට රැස් කර ගත හැකි වූයේ ලකුණු 17ක් පමණයි.
මෙවර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කටයුතු කරනු ලබනවා.