Wednesday, May 1, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පෙන්නුම් කළ විනිවිදබාවය සහ කැපවීම IMF සහ ලෝක බැංකුවේ ප්‍රශංසාවට




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ස්ප්‍රිං සමුළුවේ තුන්වන දිනයේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ වුණා. ඒ, ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්.

එහි නායකත්වය ගෙන ඇත්තේ ජපානයයි. ජපානය නියෝජනය කරමින් එරට මුදල් අමාත්‍ය ෂුනිචි සුෂුකි එම සාකච්ඡා වටය සඳහා සහභාගී වී සිටිනවා. ඉන්දියාව නියෝජනය කරමින් එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ පැරිස් සමාජය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සාකච්ඡා සඳහා සහභාගී වී සිටිනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගී වී සිටින්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වෙමින් එහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.