සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ලකුණු 88කින් ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 182ක්. ෆකර් ස්මාන් සහ සයිම් අයුබ් ලකුණු 47 බැගින් රැස් කළා. පන්දු යැවීමේදී මැතිව් හෙන්රි ප්‍රතිවාදී කඩුලු 03ක් බිද හෙලුවා.
ජයග්‍රාහී ලකුණු 183ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සංචාරක නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 03ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 94ක් පමණයි.
මාර්ක් චැප්මන් ලකුණු 34ක් රැස් කළා. පන්දු යැවීමේදී ලකුණු 18කට කඩුළු 04ක් බිද හෙලූ හැරිස් රවුෆ් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.
දෙරට අතර පැවැත්වෙන තරග 05කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි.