සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට වැඩි වාසි අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.
කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.
ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය නිමා වන විට කඩුළු 04ක් දැවී ලකුණු 386ක් රැස් කරගෙන සිටියා.
නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ 15වන ශතකය වාර්තා කරමින් ලකුණු 179ක් රැස් කළා.
කුසල් මෙන්ඩිස් අද ලබා ගත්තේ සිය 08වන ටෙස්ට් ශතකයයි.
ඔහු ලකුණු 140කට දැවී ගියා. අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.