සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.
ඊයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 386ක් රැස්කර ගෙන සිටියා.
නොදැවී කඩුල්ලේ රැදී සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 18ක් රැස්කර ගෙන සිටි අතර සැදෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 12ක් රැස්කර ගෙන සිටියා.
ඊයේ දිනයේදි ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ශතක දෙකක් වාර්තා වුණා. නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ 15වන ශතකය වාර්තා කරමින් ලකුණු 179ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් ඊයේ දිනයේදි රැස් කළේ සිය 08වන ටෙස්ට් ශතකයයි.
ඔහු ලකුණු 140කට දැවී ගියා.
අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන ටෙස්ට් තරගය ලෙස වාර්තා අතරට එක්වන මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.