Friday, May 3, 2024

General line - 0115112241

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම්




සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය නිමාවන විට තරඟයේ වැඩි ගෞරව අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියා.

ඒ, අයර්ලන්ත පළමු ඉනිමේ කඬුලු 07 ක් ලකුණු 117 ක් තුළ දවාගනිමින්.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 42 කට කඬුලු 5 ක් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 22 කට කඬුලු 2 ක් දවාගැනීමට සමත් වුණා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ සිය ඉනිම අත්හිටවනු ලැබුවේ කඬුලු 06 කට ලකුණු 591 ක් රැස්කරගෙන සිටියදීයි.

ඒ වන විට නොදැවී කඬුල්ලේ රැඳී සිටි සදීර සමරවික්‍රම ලකුණු 104 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණ 102 ක් රැස්කරගෙන සිටියා.

සදීර සමරවික්‍රම මෙම තරඟයේදී වාර්තා කළේ සිය මංගල ටෙස්ට් ශතකයයි. දිනේෂ් චන්දිමාල් මෙම තරඟයේදී වාර්තා කළ ශතකය ඔහුගේ 14 වන ටෙස්ට් ශතකය වනවා.

ඒ අනුව කඬුලු 03 ක් අතැතිව සිටින අයර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 474 ක් පිටුපසින් සිටිනවා.

හෙට තරඟයේ තුන්වන දිනයයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරඟය පැවැත්වෙනවා.