අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නව ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය අද පස්වරුවේ සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා.
ඒ, අධිකරණ අමාත්‍යාංශයේදීයි.
වසර තිස් දෙකකට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ අයේෂා ජිනසේන මහත්මිය අධිකරණ අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල්වරිය ලෙස සේවය කර තිබෙනවා.
රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාණ්ඩලික නිලධාරීන් සමග සාකච්ඡාවකට එක්වෙමින් ලේකම්වරිය කියා සිටියේ තමා වෙත පැවරී ඇති රාජකාරින් වඩා හොඳින් ඉටු කිරීමට කැපවන බවයි.