ක්‍රිකට් ලෝකයේ වැඩිම අවධානයක් මේ වන විට දිනාගෙන ඇති ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් සුපිරි තරඟයක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.
එහි විශේෂත්වය වූයේ තරඟාවලියේ මෙතෙක් කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස්කරමින් එය ආරක්ෂා කරගනිමින් තරඟයක් ජයගත් පළමු අවස්ථාව මෙහිදී වාර්තා වීමයි.
මෙම තරඟය පැවැත්වුණේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම හා රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම අතරයි. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ලක්නව් කණ්ඩායමට කඬුලු 07 ක් දැවී රැස්කරගැනීමට හැකිවූයේ ලකුණ 154 ක් පමණයි.
කෙසේවෙතත් ප්‍රභල රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඬුලු 06 ක් දැවී ලකුණු 144 කට සීමා කිරීමට ලක්නව් පන්දු යවන්නන්ට හැකි වුණා.
කෙසේවෙතත් ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ රාජස්තාන් කණ්ඩායමයි.