කළුතර විද්‍යාලය සහ තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර 63 වන මැංගුස් හටන මහ ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා.
අද සහ හෙට දිනවල මෙම තරගය පැවැත්වෙන්නේ කළුතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදීයි.
1949 වසරේදී ආරම්භ වූ මෙම මහ ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණ අත් කරගෙන ඇත්තේ කළුතර විද්‍යාලයයි.
එදා මෙදා තුර විද්‍යාලය මැංගුස් හටන මහ ක්‍රිකට් තරග තරග 23ක් ජයගෙන ඇති අතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ජය ගෙන ඇති තරග ගණන 06 ක්.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බෞද්ධ පාසල් දෙකක් අතර පැවැත්වෙන දෙවැනි පැරණිතම මහා ක්‍රිකට් තරගය මෙන්ම මෙරට 11 වැනි දීර්ඝතම මහා තරගය වන්නේ මැංගුස් හටන මහ ක්‍රිකට් තරගයයි.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කල දුලිප් ලියනගේ, තිලකරත්න ඩිල්ෂාන්, මාලිංග බංඩාර, රුවන් සුජීව ද සිල්වා, මිලින්ද සිරිවර්ධන මෙන්ම පැතුම් නිස්සංක ද මැංගුස් හටන මහ ක්‍රිකට් තරගයට ක්‍රීඩා කර තිබෙනවා.