Monday, May 6, 2024

General line - 0115112241

උපාධිධාරීන් 80 දෙනෙකු බන්ධනාගාර මුර අට්ටාලවල




උපාධිධාරීන් 80 දෙනෙකු පමණ නියාමකවරුන් ලෙස බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ සේවය කරනු ලබන බව වාර්තා වනවා. ඔවුන්ගෙන් බහුතරයක් එම තනතුරේ රාජකාරී සිදු කරන්නේ බන්ධනාගාර විෂය පථයන් වන විශෝධන සහ පුනුරුත්ථාපනයට අදාල විෂයන් වන සමාජ විද්‍යා , මානව විද්‍යා , මානව හිමිකම් උපදේශන වැනි උපාධිද ලබා ගෙන ඇති පසුබිමක් තුළ බවයි වාර්තා වන්නේ.

ඇතැම් නිළධාරින් ශාස්ත්‍රපති, ශාස්ත්‍රවේදී උපාධියට අමතරව ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා කිහිපයක්ද හදරා තිබෙනවා. උපාධිධාරීන් වන තමන්ට රැකියා තත්ත්වයේ උසස්වීමක් ලබා දෙන ලෙසට බන්ධනාගාර පරිපාලනයෙන් වසර කිහිපයක සිට ඉල්ලා සිටියද විසඳුමක් නොලැබුණු බවයි එම නිලධාරීන් පවසන්නේ.

ඇතැම් උපාධිධාරී බන්ධනාගාර නියාමක නිළධාරින් වෙනත් පෞද්ගලික රැකියාවට හෝ විදෙස් ගත රැකියාවන්ට යොමු වීමටද අවධානය යොමු කර තිබෙනවා.

ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති වැනි උපාධි ලබා ගත් මෙම නියාමක නිළධාරින් අද වන විට බන්ධනාගාර ඉදිරිපිට මාර්ග බාධකවල, මුර අට්ටාලවල, බන්ධනාගාරයට ඇතුලු වන දොරටුවල දොර ඇරීමට වැසීමට වැනි රාජකාරින්වලට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පුරප්පාඩු පවතින ජේලර් තනතුරට හෝ සුභසාධන නිළධාරි තනතුරට උසස්වීමක් ලෙස අභ්‍යන්තර අන්තර්ග්‍රහණයක් හෝ සිදුකරන ලෙසයි එම උපාධිධාරි නියාමකයන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.