Saturday, May 4, 2024

General line - 0115112241

හම්බන්තොට මුහුදේ සුළු භූ කම්පනයක්




හම්බන්තොට මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පනයක් සිදුව තිබෙනවා.

භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ භූ කම්පන නිරීක්‍ෂණ මධ්‍යස්ථානය නිවේදනය කළේ හම්බන්තොට සිට කිලෝමීටර් 25 යි දශම 8 ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ එම භූ කම්පනය සිදුව ඇති බවයි.

එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 4 යි දශම 4 ක් ලෙස සටහන්ව තිබෙනවා. කෙසේවෙතත් එම භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අනතුරක් නොමැති බවයි භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ භූ කම්පන නිරීක්‍ෂණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර හම්බන්තොට  සහ අම්බලන්තොට යන ප්‍රදේශ වලට එම භූ කම්පනය දැණුනු බව එම ප්‍රදේශවල පදිංචිකරුවන් පැවසුවා.

රාත්‍රී 12.40 ට පමණ සිය නිවෙස්වල දොර ජනෙල් වීදුරු තත්පර කිහිපයක් සෙල වී ගිය බවත් අධික ශබ්දයක් ඇසුණු බවයි එම ප්‍රදේශවාසීන් පවසන්නේ.  

කෙසේවෙතත් භූ කම්පනය  හේතුවෙන් සිදුවූ හානි පිළිබද මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව හම්බන්තොට සහ අවට පොලිස් ස්ථාන කිහිපයකින්  කළ කරුණු විමසීමකදී එම පොලිස් ස්ථානවල නිලධාරීන් පැවසූ බව නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.