ජාතික ජන බලවේගය මැතිවරණ සමයේ ජනතාවට ඉදිරිපත් කළ ප්රත්පත්ති ප්‍රකාශය සිය පාලන කාලය තුළ ක්‍රියාවට නංවන බව එම පක්ෂය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
ඒ අනුව නව ව්‍යවස්ථාවක් ද ගෙන එන බවත්, එහි කෙටුම්පත ජනතාව වෙත ඉදිරිපත් කර ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.
කෙසේවෙතත් නව ව්‍යවස්ථාව හරහා ශාසනයට හා රටේ ඒකීයභාවයට තර්ජනයක් වේ නම් ඊට එරෙහි වන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පැවසුවේ.