ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ රෝහලක ඇති වූ ගින්නකින් අලුත උපන් බිළිඳුන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඒ, මහාරාණි ලක්ෂ්මිබායි වෛද්‍ය විද්‍යාල රෝහලේ නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ ඇති වූ ගින්නක් හේතුවෙන්.
එරට රජය පැවසුවේ ගින්නෙන් මිය ගිය බිළිඳුන් හත් දෙනෙකුගේ අනන්‍යතාවය මේ වන විටත් හඳුනා ගෙන ඇති බවයි.
එමෙන්ම තවත් බිළිඳුන් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මියගිය සංඛ්‍යාවේ ඉහළ යාමක් තවදුරටත් සිදුවිය හැකි බව විදෙස් මාධ්‍යයන්හි සඳහන්.
රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කළේ ගින්න සිදුවන අවස්ථාවේදී එක් දිනක් සහ මාසයක් අතර වයසැති බිළිඳුන් 50 කට අධික පිරිසක් දැඩි සත්කාර ඒකකයේ සිටි බවයි.
මේ වන විට ගින්න මැඩපවත්වා ඇති අතර ගිනි නිවන භටයන් එම ස්ථානයට පැමිණෙන විට ද වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් රෝගීන් රෝහලෙන් ඉවත් කර තිබෙනවා.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන ඒකක හයක් කඩිනමින් ක්‍රියාත්මක වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ආරක්ෂක අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රෝගීන් ඉවත් කිරීම ප්‍රමාද වී තිබෙනවා. කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.