Saturday, May 4, 2024

General line - 0115112241

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීිම ගැන සරසවි ඇඳුරන්ගේ තීරණය අද




අපොස උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියට සහභාගීවීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණයකට එළඹෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එහි සභාපති මහාචාර්ය ශාම බන්නැහැක පැවසුවේ සිය විධායක සභාව අද පස්වරු 02 ට කැළණිය විශ්වවිද්‍යාලයේදී රැස්වී ඒ පිළිබඳ තීරණයකට එළඹෙන බවයි.


උසස්පෙළ විභාග ඇගයීම් කටයුතු ප්‍රමාදවීමට හේතුවූයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය පමණක් නොවන බවද මහාචාර්ය ශාම බන්නැහැක පැවසුවේ.