Saturday, May 4, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි




සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.

ඊයේ දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම කඬුලු 4 ක් දැවී ලකුණු 319 ක් රැස්කරගෙන සිටියා.

දිනය නිමාවන විට නොදැවී කඬුල්ලේ රැඳී සිටි ලෝකන් ටකර් ලකුණු 78 ක් ලබාසිටි අතර කර්ටිස් කැම්පර් ලබාසිටි ලකුණු සංඛ්‍යාව 27 ක්.

තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.