Saturday, May 4, 2024

General line - 0115112241

පොහොර සොරකමකට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු රක්වානේදී අත්අඩංගුවට




පොහොර සොරකමකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු රක්වාන ප්‍රදේශයේදී පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රුපියල් එක් ලක්ෂ 76,467ක් වටිනා පොහොර මිටි 11ක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොතුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනයක් අනුවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25, 28, 46 හා 47 වයස් වල පසුවන රක්වාන හා රත්නපුර ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

සැකකරුවන් අද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.