Saturday, May 4, 2024

General line - 0115112241

නුවරඑළියේ මහල් 4ට වැඩි නව ගොඩනැගිලි ඉදි කිරීම සීමා කෙරේ




ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ නුවරඑළිය සංචාරක සංවර්ධන ප්‍රධාන සැලසුම සකස් කිරීමටත් නව ගොඩනැගිලි ඉදි කිරීම නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්යය සාධක බලකායක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, මැයි මස 01වනදා සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4කට වැඩි නව ගොඩනැගිලි ඉදි කිරීම සීමා කරමින් නාගරික සංවර්ධන අධිකාරිය පනතේ විධි විධාන අනුව රෙගුලාසි පැනවීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේබව කියා සිටියා.


1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පනත සංශෝධනය කිරීමටද ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා. 

 

මේ අතර යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට තව දුරටත් සංශෝධන එක් කරමින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි  අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ.

මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ  බව කියා සිටියා.