Saturday, May 11, 2024

General line - 0115112241

අයර්ලන්ත පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල ප්‍රහාරයක්




සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.

දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්ත කණ්ඩායම කඬුලු 6ක් දැවී ලකුණු 399ක් රැස්කරගෙන සිටියා.

පෝල් ස්ටලින් ලකුණු 103ක් රැස් කළ අතර එය ඔහුගේ මංගල ටෙස්ට් ශතකයද වනවා.

ලෝර්කන් ටකර් අද දිනයේදී ලකුණු 80කට දැවී ගියා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත්ව සිටිනවා.