Sunday, May 12, 2024

General line - 0115112241

පළමු වරට මෙරට දී කාන්තා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ආරම්භ කෙරේ




ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය හා කොළඹ විශ්ව විද්‍යාලයේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කාන්තා ක්‍රිකට් ප්‍රථම වතාවට ආරම්භ කිරීම අද සිදු වනවා.

එහි සමාරම්භක උත්සවය කොළඹ විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය සඳහන් කළේ.

 ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන දෘශ්‍යාබාධිත ශිෂ්‍යයාවන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වීමට නියමිත බවද ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය වැඩිදුරටත් සඳහන් කළා.