Monday, May 13, 2024

General line - 0115112241

වැස්සට තරඟය නවතිද්දී, නිශාන් මධුෂ්ක ලකුණු 150 ට ළං වෙයි




සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය තේ පානයෙන් පසු නතර කිරීමට සිදුවුණා. ඒ, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.

ඒ වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නිශාන් මධුෂ්ක ලකුණු 149 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 83 ක් රැස් කර සිටියා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන විට එක් කඬුල්ලක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 357 ක්. නායක දිමුත් කරුණාරත්න ලකුණු 155 ක් ලබා සිටියදී දැවී ගියා.

සංචාරක අයර්ලන්තය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 492 ක් රැස්කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායම ලබාගත් ලකුණු 492 ට වඩා ලකුණු 135 ක් පසුපසින් සිටිනවා.