වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි රිටි පැනීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකාවට මෙලෙස ආසියානු තරගාවලියකදී රිටි පැනීමේ ඉසව්වෙන් පදක්කමක් හිමි වන්නේ වසර 72කට පසුව වීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එය දිනා ගත්තේ කනිෂ්ඨ මලල ක්‍රීඩක තුෂේන් සිල්වායි.
ඒ, මීටර් 4යි දශම 7යි 0ක දක්ෂතාවයක් පෙන්වමින්.
තුෂේන් සිල්වා මාරිස්ටෙලා විද්‍යාලයේ සිසුවෙක් වනවා.
මෙවර වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන්නේ උස්බෙකිස්තානයේදියි.