ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරඟාවලියේ පංජාබ් කිංග්ස් කණ්ඩායම සමඟ පැවති තරඟය ලකුණු 56කින් ජය ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 257ක් රැස් කළා. මෙම ලකුණු සංඛ්‍යාව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියකදී කණ්ඩායමක් රැස් කළ දෙවැනියට වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්වූවා.
මාර්කස් ස්ටොනිස් පන්දු 40කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 72ක්. 6යේ පහර 5ක් සහ 4රේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. කයල් මෙයර්ස් ලකුණු 54යි.
ලකුණු 258ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පංජාබ් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 201ක් පමණයි. අතර්වා ටයිඩේ ලකුණු 66ක් රැස් කළා.
ලකුණු 72ක් සහ එක් කඩුල්ලක් දවා ගත් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ මාර්කස් ස්ටොනිස් තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා.