සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින කාන්තා ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයේ පළමුව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 32ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 135ක් රැස් කරගෙන සිටියා.
නායක චමරි අතපත්තු ලකුණු 47ක් රැස් කර සිටියදී දැවී ගියා. පන්දු 37කට මුහුණ දුන් ඇයගේ ඉනිමට 6යේ පහර 2ක් සහ 4රේ පහර 8ක් ඇතුළත් වුණා. ප්‍රසාදිනි වීරක්කොඩි දැවී ගියේ ලකුණු 24ක් රැස් කර සිටියදීයි.
දැවී ගිය සෙසු ක්‍රිඩිකාවන් සිව් දෙනාට ලකුණු 12 සීමාව පසු කර යාමට බංග්ලාදේශ කාන්තා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. හර්ෂිතා සමරවික්‍රම ලකුණු නොලබා දැවී ගියා.
නොදැවී පන්දුවට පහර දෙන ඉනෝෂා ප්‍රියදර්ශනී ලකුණු 17ක් සහ ඖෂධී රණසිංහ ලකුණු 14 රැස් කර සිටිනවා.
පන්දු යැවීමේදී නහිඩා අක්ටර් මේවනවිට බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 3ක්.
කොළඹ පී සරවනමුත්තු ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනා ගනු ලැබුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.