Monday, November 25, 2024

General line - 0115112241

IPL පිටියේදී ගැටුනු කෝලිට සහ ගාම්භීර්ට දඩ




ඉන්දීයන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟයෙන් පසු විරාත් කෝලි සහ ගෞතම් ගම්භීර් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව මේවනවිට ලොව පුරා කතා බහට ලක්ව තිබෙනවා.

ලක්නව්හි දී පැවති එම තරඟයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැන්ග්ලෝර් කණ්ඩායම ලකුණු 18ක ජයක් අත් කර ගත්තා. 

තරඟයෙන් අනතුරුව පිටිය තුළ දී බැංගලෝර් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාට් කෝලි සහ ලක්නව් පිළේ උපදේශකවරයා ලෙස කටයුතු කරන ගෞතම් ගම්භීර් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණා.

එම උණුසුම් තත්ත්වය සමථයකට පත් කිරීමට දෙපිළේම ක්‍රීඩකයින්ට මැදිහත් වීමට ද සිදු වුණා.

මෙම සිදුවීමට පෙර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නවීන් උල්හක් ද විරාට් කෝලි සමඟ කිසියම් වචන හුවමාරුවක් සිදුකර ගන්නා ආකාරය දැකගත හැකි වුණා.  

මෙම සිද්ධියෙන් අනතුරුව ඊට සම්බන්ධ වූ තිදෙනාට එරෙහිව විනය පියවර ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අයි පි එල් චර්යා ධර්ම කඩ කිරීම හේතුවෙන් විරාත් කෝලිගේ සහ ගෞතම් ගම්භීර්ගේ සම්පූර්ණ තරඟ ගාස්තුවෙන් සියයට සියයක් දඩයක් ලෙස අය කිරීමටයි ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත්තේ.

නවීන් උල්-හක් ටද තරඟ ගාස්තුවෙන් සියයට 50ක දඩයක් නියම කර තිබෙනවා.