Saturday, December 28, 2024

General line - 0115112241

කළුතර දැරියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හික්කඩුවෙන් අල්ලයි




කළුතර නගරයේ හෝටලයක් අසල දුම්රිය මාර්ගයේ තිබී 16 හැවිරිදි පාසල් සිසුවියගේ මෘත ශරීරයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද අළුයම හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා.

ඒ, කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර පළාතොට ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි පුද්ගලයෙක්.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව.


සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.