Friday, April 26, 2024

General line - 0115112241

ලිංගික අතවර චෝදනාවකට ට්‍රම්ප් වරදකරු වෙයි




කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරුවී තිබෙනවා.

1990 වසරේ රෙදිපිළි වෙළඳසැලක් තුළදී ජීන් කැරොල් නම් මාධ්‍යවේදිණියකට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා කරමින් ගොණුකර තිබූ සිවිල් නඩුවකදී එය විභාග කළ ජූරි සභාව විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ රෙදිපිළි අලෙවි සැලේ පැළඳුම් කුටිය තුළදී අදාළ කාන්තාවට අතවර කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ලවුණා.

ඒ අනුව ජීන් කැරොල් නමැති කාන්තාවට අමෙරිකානු ඩොලර් මිලියන 5 ක වන්දි මුදලක් ගෙවන ලෙසයි එම අධිකරණය අමෙරිකානු හිටපු ජනාධිපතිවරයා වෙත නියෝග කර ඇත්තේ.

කෙසේවෙතත් එම තීන්දුවට එරෙහිව ඩොනල්ඩ් ට්‍රම්ප් අභියාචනායක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.