Friday, May 10, 2024

General line - 0115112241

ට්විටර් සමාගම කාන්තාවක් අතට ?




ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන එලොන් මස්ක් විසින් නව ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඔහු මේ බව අද දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියා.

ඩොලර් බිලියන 44 ක ගනණුදෙනුවකින් ට්විටර් අත්පත් කරගත් එලොන් මස්ක් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ භාර ගැනීමෙන් මාස කිහිපයකට පසු මේ සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කරන බව මිට පෙර ප්‍රකාශ කළා. 

අද නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ මෙම නව ට්විටර් ප්‍රධාන විධායක නිලධාරියා සති 6ක් ඇතුළත සිය ධුරයේ වැඩ භාර ගන්නා බවයි.

තවද එලොන් මස්ක් විසින් ට්විටර් සමාගමේ ඔහුගේ නව භූමිකාව ද ප්‍රකාශයට පත් කර තිබෙනවා,

නමුත් මේ වනතෙක්  එලොන් මස්ක් ඔහුගේ අනුප්‍රාප්තිකයා නම් කර නැහැ.

මේ අතර  NBCUniversal විධායක Linda Yaccarino microblogging නව ප්‍රධාන විධායක නිලධාරිවරිය ලෙස පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.