Thursday, May 2, 2024

General line - 0115112241

කොළඹ ආරක්ෂාව තර කෙරේ




කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ලද බුද්ධි තොරතුරකට අනුව එලෙස ආරක්ෂාව තර කර ඇති බවයි.

ඒ අනුව, කොළඹ කොටුව, ගාලුපාර, තුම්මුල්ල, නිදහස් චතුරස්‍රය ඇතුළු ප්‍රදේශ කිහිපයක එලෙස ආරක්ෂාව තර කර තිබෙනවා. එම ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.