Thursday, May 2, 2024

General line - 0115112241

කුඩා දරුවන්ට ජංගම දුරකථනය දෙන්නේ බලාගෙනයි




මව්පියන්ට සිය කටයුතු සිදුකර ගැනීමේ පහසුව උදෙසා කුඩා දරුවන් ජංගම දුරකථනයට හුරුකිරීමෙන් අපේක්ෂා නොකරන භයානක ප්‍රතිඵල සඳහා මුහුණ පෑමට සිදුවනු ඇතැයි නීතිවේදීන් පවසනවා.

කුඩා දරුවන් ජංගම දුරකථනය භාවිතයට හුරු කරවීම ඔවුන්ට බලපෑම් එල්ල කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මෙම අදහස් පළ කළා.  


මව්පියන්ගේ අධීක්ෂණයකින් තොරව දරුවන්ට ජංගම දුරකථන භාවිතයට ඉඩ ලබාදීම හරහා නව යොවුන් වියේ පසුවන දරුවන් ඇතැම් පිරිස්වල ග්‍රහණයට නතු වීමට හා සමාජ විරෝධී මෙන්ම විනය විරෝධී කටයුතු සඳහා පෙළඹීමේ වැඩි ඉඩක් පවතින බවයි ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.