Friday, May 10, 2024

General line - 0115112241

තුර්කියේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අද




තුර්කියේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අදයි.

ඒ අනුව ඉදිරි පස් වසරක කාලය සඳහා ජනාධිපතිවරයෙකු හා පාර්ලිමේන්තුවට නව සභිකයින් තෝරා පත් කර ගැනීම වෙනුනේ තුර්කි වැසියන් අද සිය ඡන්දය ප්‍රකාශ කරනවා.

2014 වසරේ සිට තුර්කියට නායකත්වය ලබාදෙන ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගොන් මෙවරද ජනාධිපතිධූරය සඳහා තරග වදින අතර ඔහු හමුවේ අභියෝග රැසක් පවතින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

දේශපාලන වශයෙන් රට තුළ බලය තහවුරු කර ගෙන සිටි ජනාධිපතිවරයා තුර්කියට ඉකුත් දා බලපෑ දරුණු භූ කම්පන තත්ත්වය හමුවේ රට යථාතත්ත්වයට ගෙන ඒම වෙනුවෙන් වූ දැඩි අභියෝගයකට මුහුණ පා සිටිනවා.

කෙසේවෙතත් අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී බහුතර බලය හිමිකර ගැනීමට කිසිඳු අපේක්ෂකයෙකු අපොහොසත් වුවහොත් ජනාධිපතිවරණයේ දෙවන අදියර ලබන 28 වනදා පැවැත්වීමට නියමිතයි.