Wednesday, May 8, 2024

General line - 0115112241

ගුවන් අනතුරකින් ඇමසන් වනයට වැටුණු දරුවන් 04 දෙනෙකු දින 16කට පසු බේරා ගැනේ




ගුවන් අනතුරකින් ඇමසන් වනාන්තරයක වැටී අතුරුදන් වූ ළමුන් 04 දෙනෙකු දින 16කට පසුව නිරුපද්‍රිතව බේරාගත් බව කොලොම්බියාව පවසනවා.

මෙම අනතුර සිදු වූයේ ගුවන් යානයේ ඇමසන් වනාන්තරයේ දකුණු කොලොම්බියා ආශ්‍රිත ප්‍රදේශයකට කඩා වැටීමෙන්. ඒ, මැයි මස 01වනදා උදෑසනයි. අනතුරින් මෙම දරුවන්ගේ මව සහ සෙසු වැඩිහිටියන් සියළු දෙනා මිය ගියා. එහිදී අතුරුදන් වූයේ වයස අවුරුදු 13ක, 9ක, අවුරුදු 04ක සහ මාස 11ක බිළින්දෙක්.

ගුවන් අනතුරින් පසුව හමුදා සාමාජිකයින් 100කට අධික පිරිසක් සෙවීම ආරම්භ කළද ඔවුන් පිළිබද කිසිදු තොරතුරක් වාර්තා වූයේ නැහැ. එහෙත් කොලොම්බියා බලදාරීන් අද නිවේදනය කළේ ඇමසන් වනාන්තරයේ සිටින හුයිටෝටෝ ආදීවාසි කණ්ඩායම විසින් මෙම දරුවන් බේරාගෙන ඇති බවයි.

දරුවන් මෙතෙක් කල් ජීවත් වී ඇත්තේ පලතුරු අනුභව කරමින් බවටද වාර්තාවනවා. හුයිටෝටෝ ආදීවාසීන් යනු ඇමසන් වනාන්තරයේ පලතුරු සහ කැලෑ ජීවිතය පිළිබද හසල දැනුමක් ඇති පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.