Wednesday, May 8, 2024

General line - 0115112241

ජපානයේ ලෝක වාහන ආධිපත්‍ය චීනයේ අතට




ලොව වාහන අපනයනයේ මෙතෙක් ප්‍රමුඛයා බවට පත්ව සිටි ජපානය අභිබවා වාහන වෙළඳපොල අත්පත් කර ගැනීමට චීනය සමත්වී තිබෙනවා.

ඒ, මේ වසරේ මුල් මාස තුනේදී ජපානය අභිබවා චීනය ලොව විශාලතම මෝටර් රථ අපනයනකරු බවට පත්වීමත් සමඟයි. 

නිල දත්තවලට අනුව අදාළ කාලය තුළ චීනය වාහන මිලියන 1 යි දශම 0 යි 7 ක් අපනයනය කර තිබෙනවා.

එය ඉකුත් වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව සියයට 58 ක වැඩිවීමක්.

එහෙත් ජපානය අදාළ කාලය තුළ අපනයනය කර ඇත්තේ වාහන නව ලක්ෂ 54,185 ක් පමණයි.

චීනය මෙලෙස ලොව විශාලතම මෝටර් රථ අපනයනකරු බවට පත්වීමට හේතුවී ඇත්තේ විදුලි වාහන සඳහා ඇති ඉල්ලුම වැඩිවීම හා රුසියාවට කළ වාහන අපනයන වැඩිවීමයි.

ජනතාව පොසිල ඉන්ධනවලින් ඈත්වීම චීන මෝටර් රථ කර්මාන්තයේ නැගීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

චීනයේ විදුලි මෝටර් රථ අපනයනය පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙවර සියයට 90 කින් වැඩවීම ඊට කදිම උදාහරණයක්.

චීනය ඉකුත් වසරේදී ජර්මනිය අභිබවා ලොව දෙවන විශාලතම මෝටර් රථ අපනයනකරු බවට පත්වුණා. ඒ, 2022 වාහන මිලියන 3 යි දශම 2 ක් අපනයනය කරමින්.