Sunday, April 28, 2024

General line - 0115112241

නුවරඑළියට තද වැසි

රංජිත් රාජපක්ෂ




නුවරඑළිය ප්‍රදේශයට අද පස්වරුවේ ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

ඒ හේතුවෙන් නුවරඑළිය නගරයේ රථවාහන ධාවනයට ද බාධා එල්ල වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට ධර්මපාල මාවත ජලයෙන් යටවීම නිසා නුවරඑළිය නගරයට පිවිසෙන සහ පිටවන වාහනවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

ඇදහැලුනු අධික වර්ෂාවත් සමග නුවරඑළිය සහ අවට ප්‍රදේශවල එළවළු වගාවන්ට ද හානි සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.