Saturday, April 27, 2024

General line - 0115112241

පොලිස් නිලධාරියෙකුට පහර දුන් තිදෙනෙකු අත්අඩංගුවට




පෑලියගොඩ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ පාලම අසලදී රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී රාජකාරියට බාධා කළ සැකකාරියක් ඇතුලු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

හිසවැසුම් නොමැතිව පුද්ගලයෙකු යතුරුපැදියකින් රැගෙන යමින් සිටියදී එය නවතා පරීක්ෂා කිරීමට යාමේදී යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා හා එම ස්ථානයට පැමිණි කාන්තාවක් පොලිස් නිලධාරියා සමඟ ආරවුලක් ඇතිකරගෙන තිබෙනවා. ඉන් අනතුරුව ඔවුන් විසින් පොලිස් නිලධාරියාට පහරදී ඇති බවයි විමර්ශණවලදී අනාවරණවී ඇත්තේ.

පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කැළණිය, පට්ටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක් වන කාන්තාවක් සහ වයස අවුරුදු 20 හා 22 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙක්. සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.