Friday, April 26, 2024

General line - 0115112241

රටට ගේන ඩොලර් මාස 03 ක් අතේ තබාගෙන ඉන්න අවස්ථාවක්




අපනයනකරුවන් මෙරටට රැගෙන එන ඩොලර් ප්‍රමාණය මාස 03 කට හෝ 06 කට පසුව මාරු කිරීමට අවස්ථාව සලසන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

රුපියල ශක්තිමත්වීම හරහා අර්බුදයකට ලක්ව ඇති ඔවුන් වෙනුවෙන් එම සහනය ලබාදෙන ලෙසයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේ.

ඒ සම්බන්ධයෙන් විවිධ ක්‍රමවේදයන් පිළිබඳ මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවයි ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.

ඊයේ වන විට ඩොලරයේ ගැණුම් මිල රුපියල් 297 යි ශත 60 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර තිබුණේ.්