Thursday, April 25, 2024

General line - 0115112241

පුත්තලමේ ගුරුවරයාට පහරදුන් සිසුන්ට ඇප




පාසලක විනය භාර ගුරුවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සිසුන් සහ අත්අඩංගුවේ සිටි සැකකාර සිසුන් ඇප මත මුදාහැර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 4ක් රක්ෂිත බන්ධනාගාරයේ පසුවූ අතර ඊයේ දිනයේ සිසුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඔවුන් සියලුදෙනාම පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස ඇප කොන්දේසි මත මුදාහැර ඇත්තේ.

ඒ අනුව එක් අයෙකුට ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් සහ සාමාන්‍ය පෙළ විභාගය අවසන්වී එළඹෙන ඉරුදින සිට සෑම ඉරුදිනකම පුත්තලම පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසත් නියෝග කර තිබෙනවා.

පුත්තලම මුස්ලිම් පාසලක පසුගිය 23 වනදා මෙම පහරදීම සිදුව තිබුණා. නඩුව ජුනි 22 වනදා යළි කැඳවීමට නියමිතයි.